Wednesday, March 8, 2017


කලත කලතා රස

මුහුවෙන්න ඇත්නම්

මේ කිරි සයුර පතුලටම

අලුත් රසයක නැවුම් පහස

මට නොවේ නුඔට
 

@අසම්මත16/03/08/@




අහම්බෙන් ගසා ගෙන අවුත්

මගේ හදවත උඩට වැටුන

මේ රෝසමල එක්ක

සැගවිලා පිපුන රස රහස්

සුවදත් රුවත් කැටිව
 

විකසිත කරා හද මනස
 

නුඔටත් හොරා රහසේ
 

@අසම්මත16/03/08/@


Tuesday, March 7, 2017


නැවුම් සිතුවිලි රෑන

ඒ සිනිදු අත් තුඩින් හැදෙන

සුවද රස වෑහෙන

රතුරෝස මලකුත් එක්ක

මාගේ දෙතොලග රැදෙන
 

පෙු්මණියම කෝපී බදුන
 

නුඔ අතින් පිරිනැමුන
 

තිති රහක් එක්ක
 

ආදරනීය කිතිකැවීමත් කලතලා
 

උනු උනුවෙම බොන්න
 

වසග නෙත ලග ඉන්න
 

හදවත පතුලට උරාගන්න
 

@අසම්මත16/03/04/@


මම තාම කල්පනා කරන්නේ

නුඔ ගැනම බව

නුඔ නොදන්න බව

මම දන්වා

@අසම්මත16/03/07/@


මේ රාක්කය පිරිලා තිබ්බේ

මොනවයින් ද කියලා

උඔ දන්නවා

ඇයි මාව හොරකම් කෙරුවේ

ඒක පාපයක් නොවෙන්න නම්
 

ගෙවන්න වෙයි උඔට
 

උඔ හිතන තරමට වැඩිය
 

ඇයි හිතුනේ නැත්තේ
 

එ්කට නිදහසේ ඉන්න දුන්න නම් කියලා
 

උඔටත් තිබුන
 

උඔ නොදැක්ක තව ලස්සන දකින්න
 

ගලක් වුන පපුවකට
 

හිතක් ලැබුනොත් හිතන්න
 

ඒ හොරකමත් මට කමක් නැති
 

@අසම්මත16/03/07/@

මට මෙහෙම ඉන්න කියලා

උඔ හොයන සුන්දරත්වය

තාම දැනෙන විදිහට උඔට

මාව නොදැනෙන එක පුදුමයි

ඒ ත් මං ආදරෙයි උඔගේ
 

ඔය අකීකරුම ඇස් වලට
 

ජීවිත කාලයම විඩාවක් වුනත්
 

සුන්දරයි නම් ඔය ඇස් වලට
 

@අසම්මත16/03/07/@


නිසල කල මේ කය

ඔය සුරතින් ම

මිහිදන් කල මැන

යලිත් මතකයක් වෙත

නොඑන්න ට සදහටම
 

කිසිත් සංඛේත නැතුවම
 

ඔය නෙතට නිදහස ට
 

හිතට මැකෙනා එන මතක
 

@අසම්මත16/03/07/@