Friday, May 18, 2018

ඡයා

මම දකින ඔහු !
එවරාඩ් ජයමාන්න දුටු අසම්මත කවි ඡායා !
1 S

නුදුටු ඇස්

නුඔ සුරතට මැදිව
නිය පහරට ලක්ව
එකින් එක පෙති කැඩනු
අහිංසක රෝස මල
නුඔ අතේ පොඩිවෙලා පරවූනූ
අයෙමත් හමුනුනු
මලේ පෙති කඩා ගුලිකරපු
සොදුරු දේ නුදුටු
ඇස් නුඔට ලැබුණු
@අසම්මත/16/05/18/@
2 C

දළු හීන

ඇයි වේදනාවම දෙන්නේ සදා
එපානම් එලිපිටට ම කියා
යන්න තිබුනා දුක්මට ලියා
අහක ඉදගන එබිකම් පපා
මම විදින වද ගැන සිතා
නුඔ ඉවත යනුයේ මක් නිසා
ඒ හීන තවමත් දළු නිසා
ගැඔුර නොදැනිම බැස ගියා
සෙල්මක් කර දිවි දිහා
නුඔ හෙලන බැලුමන් වැරදි කියා
මම තාම තෙපලන හඩ අසා
එකට හිදිමු හැර නොයා
මම තාම ආදරේ නුඔටම තමා
@අසම්මත/16/05/18/@
5 Commen

තහංචි

නොකියනු ඇතී
කිසි දින
දැමුවොතින්
තහංචි..............
රහසින්වත් සුළගට
@අසම්මත/17/05/18/@
1 Co

අමුත්ත

අමුත්තක් ඇති
සිතුවමක් වෙති
ඔබත් සිතුවමක් මෙනි
අමුත්තක් රැදි
වචනයකට ගනු බැරි
කවියකට එනු නැති
ක්ෂණයකින් අකුණකට වැදි
වදනකට ඉඩ නැති
රුව පමනකි ඇසක රැදි


@අසම්මත/17/05/17/@

Saturday, May 5, 2018

ඔබ බලා ඉන්න

මගේ පියසටහන් විතරමද ?
ඔබේ නෙත් වල තැවරුණේ
බලාපොරොත්තුවක් ඇයි මගේ හද තෙරපුණේ
මම ඉදිරියට යමි
ඔබ බලා ඉන්න
ඒ පියසටහන් මත
තව පියසටහන් තැබෙයිද
බිය සැක නැතිවම
මා යන මාවත
@අසම්මත/16/05/05/@

සිතුවමක් රුවින් කොට

විශ්සෝපයක් දැනුනාහම
ලියන්න හිතුනා
නුඔට බැරි
අකුරු අමුනලා
සිතුවමක් රුවින් කොට
ඇස් ඇරෙන්න
නෙත් දෙකට අහුවෙන්න
හැමදාම කටු අනින
හිසමතට පාත්වෙන
අදහස් බිදක් මෙන්න
@අසම්මත/16/05/05/@