Saturday, May 5, 2018

හුදකලාව හිද

සහසක් කවි නැත
එක කවියක්ඇත
හුදකලාව හිද
කියවන නෙක වර
ඒ කවියම දැන් කට පාඩම් කර
නුඔට ඇහෙන්නට
ගීයක මුහුකොට එවමි අහන්නට
දුර ඈතක නුඔ තනිය මකන්නට
@අසම්මත/16/05/05/@
10

මිනිස් කම උඩගුකම පටලවාගෙන

පිම්මක් නැවුම් විදිහකට පනින්නද
අළුත් ඉරියව්වකට ඉදල
දුවන හැටි කියල දෙන පාසලක
උපාසක කට්ටියගේ තරගය
මිනිස් කම උඩගුකම පටලවාගෙන
තරගයම අතට අරන් බදා වැලද
හතිවැටෙනකම් දුවමු අනන්තය
ඉක්මවන ආශාව අත්කර ගැනීම දක්වාම
සිත් නිවා ගන්න ශෘරුංගාරය අතාරින්න
කදුළු හංගන්න කුහකවත මිරිකන්න
සාරය උරාගෙන පටලැවුන හිත
මුදා හැර පහන් සිතකින් එන්න
මහොඝය විද නිවී සැනහෙන්න
දිවිය පුරාම දිවයන දිනුම ඔබ ගන්න
@අසම්මත/16/05/05/@

අමනාපෙන්ම දෙඩු බස්

මමත් නිදහස්
නුඔලාත් නිදහස්
අදහසුත් නිදහස්-------------
නුඔ පමණක්
සිතින් උදහස්
උරන වී අදහස්
අමනාපෙන්ම දෙඩු බස්
මා කරා කම්බස්------------
දේශ සීමාද
වැට කඩුළු පවුරුද
කඩා බිද නොගෙන
ඉගිල්ලෙන සොයා යන නිදහස
විදින්නට ඉඩක් ඇත
අද නොවේ හෙටට
මට නොවේ අප ට
@අසම්මත/16/05/05/@

ඈත හිරු බැස යන වෙලේ

මට ඉන්න දෙනවද නිදහසේ
මේ නවාතැන් පොළ මගේ
තොටුපලක් වුන හිත දිගේ
ඇදී එන්නෙම තනි කම හොදේ
ඈත හිරු බැස යන වෙලේ
හුදකලාවම කල් යල් බැලේ
කවි හිතක් උනුහුම් කලේ
අතීතය මතකෙට නතු කලේ
නැංගුරම් කොහිවද දිවි තලේ
සිතිවිලි ඇවිත් හද සක්මන් විලේ
නිහඩ හද පාරන වෙලේ
මේ කවිය නුඔටය පද වැල් කලේ
@අසම්මත/16/05/05/@

Friday, May 4, 2018

ඇස්වලින් පමනක්

කව්ළු පියන් හැර
විවර කර නෙත්
බලන්නේ දුර හිත්
ඈත මතකෙක මතක අහුරක්
මැවෙන සුන්දර දසුන් පමණක්
හදවතක පිරි සුසුම් පවුරක්
තනිකමත් මට ගෙනේ ඔසුවක්
ඇස් වලින් පමණක්
දොඩන වදන් විතරක්
ඉතිරිකර ගිය නුඔ
සදාකාලික කදුළු බුබුලක්
@අසම්මත/16/05/04/@
42You, Nisansala Ramanayake and

කරකැවිල්ල

කරකෝල අතාරින්න එතකොට
ඒ කරකැවිල්ල
අළුත් හිතකට
අතවනාවී අළුතින් හිතන්න
මම ඒකට කැමතියි
නුඔ දන්වා ඒක
හොදටම මට දැනෙනවා
ඒ බව හැබෑවට
@අසම්මත/16/05/04/@
43Nisansala Ramanayake and 42 ot

උයන පිපි

ඒ මල
දිලෙන්නෙත්
පිපී
තනියම නම්
මම
කුමක්
කරම්ද
හදවත්
උයනයක
රැදී
@අසම්මත/16/05/04/@
10