Saturday, November 4, 2017

අමර මතක

මා ජීවිතයේ අමතකම නොවන මතකයන් අතර
එක රැයක් ඇත
ඒ මතකය ජීවිතයේ සොදුරුම දිනයක් ය
ඒ කලා පව්ලම එක්ක
බත් කටක් එකට කාපු...................
එක මේසයක හිද............
විමලා. ප්‍රියංවදා. සුභාශීණී. (රන්ජන් පැමිණ නොසිටිහ) අමරදේවයන් එකිනෙකා හිනැහුනා අපි එකට
ආ මේ සම්බෝල ටිකකුත් කන්න..... ආදරණීයව හැන්දකින් බෙදුව ප්‍රියංවදා
රෑ 10 ට පමණ අපි යන්න දැන් වෙලාවයි නුවර ඩෙල්මා මව්න්ට් විව් හෝටලයේ සිට අනුරාධපුර අප නිවහන් කරා දුකක් ඒ සමුගැන්ම...........අපියන්නම් සර්......
දුර ඈත යන්න තියනවා.......අපි වෙන්වුනේ මතක ගොඩක් එක්ක.....
ජීවිතයේ ලැබිය නොහැකි මතක ගොඩක් එක්ක
සදා නොමියෙන..........

ඒ මගේ මතකයේ හැටියට 2009/12/03/දාකය නුවර වැරල්ලගම ඩෙල්මා මවුන්ට් විව් හෝටලයේ දේශමාන්‍ය ලේල්වල පියනන්ද ශූරීන්ගේ ගීසරණිය එලිදැක්වීමේ
උත්සවයට සහභාගීවෙමින් අප පෙර දිනක සිට සුබ පැතූවෙමු සුබ උපන් දිනක් ඔබට.............. මට මතක අදවගේම..........
දහසක් දේ ඇත ඒ ගැන කියන්නට..................
ඉතින් අප සමුගනීමු
ඒ රෑයක මතක වලට ඉඩ දී...............................
හදවත පීපිරීණ ඒ සෙනෙහසකට
කදුළ කියනු මැන ඒ කථා අමරදේව පවුලටම
ඔබට සුබ රැයක් නින්නාද කල ඔබ හඩම..........
නිහඩ වම වැළද කියමු සුබ රැයක් ඔබට...........
@අසම්මත/16/11/02/@
11 Comme

ද්විත්ව


ඇවිත් නෑවිත්

නෑවීත් ඇවිත්

හිරුත් අදුරත්

අදුරත් හිරුත්

අරන් යන්නෙම
 

අපි විදින දෙයනම්
 

අහිමි වන දේ ගැනත් සිතමින්
 

දුකක් ඇයි දිවියකට දෙවමින්
 

ජීවිතය පසුපසම එන්නේ
 

සොබා දහමද ලෝක නියමයදැයි නොතේරේ
 

ඇකමැත්ත කැමත්තකට හරවා
 

හිතට කියාදීම ම උරුමයක් වේ ජීවිතේ..........

@අසම්මත/16/11/04/@
5 Co

අමර හරසර


අමර හර සර

හිරු නුඹ ඇවිත් අපිටත් හොරෙන්

සද නුඹ ඇවිත් කාටත් හොරෙන්

අරන් ගිය දේ මහ මෙරක්
 


ඒ වගේ ඇවිදින් හොරෙන්
 

අරන් යනවද වැටෙන කදුළුත් ගගකට වැරෙන්

@අසම්මත/16/11/04/@
4 Com

මවක්


ඇය

මවක්

මට

මතකයක්

මතක් කර දුන්
 

අාදරය
 

දෝරේ ගලන
 

මගෙ අම්මා වගේම
 

අද නැතත්
 

මා ලග.....................
 

වැටෙනකොට ඔසවපු
 

පෙර දිනක
 

විදපු..................
 

සෙනෙහස
 

මරු අතුරුදහන් කරපු
 

සද තරු දිලෙනවද
 

කළුවර රෑ බලපු...........
 

ඇස් වලින්
 

අනාගතය ලියපු..............

@අසම්මත/16/11/04/@

12 Commen

Thursday, November 2, 2017

කුණු


කුණු ඇබින්දකට කරන තරවටු

කුණු ඇබින්දට කරන අවමන්

පලක් නැතිනම්

අතු ගා දමා

නිදහසක් ගනුමැන
 

නිවහල්ය නිදහස්ය
 

කුණු බිදක්
 

හිත බිදක්
 

අපිරිසිදු කල තැන...........

@අසම්මත/16/11/02/@
3 Comment

හදබර


ඔබට කල හැකිය එය

පලා විවර කර බලා

කියනවද ආදරය කෙතරම් බරද

මගෙ හදවත තුල තිබෙන........

හරියටම ගනනය කර
 

බෙදා දීමට ඇති බැවින් සම සමව
 

ෂයිලොක්ට නොදී කිරා මැනීමට......

@අසම්මත/16/11/02/@

නිගරුව


ඔබට කල හැකිය නිගාවක් නිගරුවක්

කිසිත් නැති හිස් මිනිසකුට........

අපමණට අසා ඇති කන්වලට

කදුළකුත් නොදකිනා ඇස් වලට

කදෝකිමියකු එළි නැති අදුරකට
 

එකත්පස්ව හිද අසා ඉමි නුඹ ලගම
 

ද්‍රෝහීයකුට වෙන කුමන සතුටක්ද.....?
 

හෘදයත් කිණිස්සක් වී අනිණ කොට
 

පලා නොයාම ඉවසගමි ඒ රිදුම.....

@අසම්මත/16/11/02/@
3 Comme