Wednesday, May 3, 2017

ඇයදීම


සෙනෙහසම

අයදිනා

නෙත පුරා

රැදි

නුඔ ට
 

සෙනෙහසයි
 

මේ
 

හද පුරා
 

ගලන
 

@අසම්මත/16/05/03/@

ගැඹුර


ආශාව මත

ඇද වැටීම

ගිලී

සැනහෙන්න

වියැකිලා
 

නොයන සේ
 

ගැඔුර දැන
 

නොසීදෙන ආශාවන්
 

තුල කිමිද
 

@අසම්මත/16/05/03/@


කැළඹීම


නිසල දිය

සසල කල

නුඔ

පුංචි සිතිවිල්ලක්

කළඔවයි
 

මහ දිය කදක්
 

ඇසිල්ලක
 

සැනින් වට කොට
 

සියුම් ලෙස
 

පහරකින් තලා
 

@අසම්මත/16/05/03/@

Tuesday, May 2, 2017

අදුර

අදුරු දවසක
අදුරු රැයකම
අදුරුකර හිත
මාව තනිකර
ඇය
ගියාය අදුරක
සිහින් එළි තිත
අදුනාවී ඒ නෙත
අදුර මැද හිද
ඇය යන ගමන
අදුර මැඩගෙන
බලමි මා නෙත
අදුර මැද හිද
ඇය පිය මනින
අදුර කෙලවර
@අසම්මත/16/05/02/@

පිටුපෑම


පිටුපා සිටින්නේ නුඔ

මගේ නෙත් වලින් මිදෙන්නට නම්

විශ්වාසයෙන් කියමි

ඔය නෙත් දකිමි මං

නොදැක්කට නෙත් හමුවෙලා
 

දකිත හැක ඒ සෙනහස හදගින්

@අසම්මත/16/05/02/@








සිතුවම


තීන්ත පදාසයක තවරා

සිතුවමක් කර නිමවා

සිතක පෙම අතුරා

කරමි පාට කර නෙතගා

වෙන්ව යන දින මතුදා
 

බලනු මගේ මිතුරා
 

සිතුවමක් නුඔට පිදුවා
 

@අසම්මත/16/05/02/@

මැයි


කඩතුරා හැර දෑසේ

බලමි ලොව රිසිසේ

අද මැයි දිනය අපගේ

දහඩියට කදුළට පෙගුනේ

මං මුලාවම හැම දේ
 

ගත යුතුය මග හරි සබදේ
 

නිවැරදිම මාවත නිසිසේ
 

ගැටි ගැටී වුව දැකිය යුතුවේ
 

එන්න සබදිනි එක මිට සේ
 

දිනන මග අප සැම ගේ

 

@අසම්මත/16/05/01/@