Tuesday, April 4, 2017

අදත් මම හිටියා

අදත් මම හිටියා
ඒ පාර අද්දර
මග නොමග කියා දුන්
නුඹ එතැයි සිතා
හරි මගම යනවදැයි කියා අහන්නට
මට වැරදුනා මතකයි ආයෙමත්
වැරදි පාර ඉමක යලි මම
කියාදෙනවද එක වතාවක් තව
හරිම මග මේකයි කියා
නුඹට දැනෙන මග ඇරෙන පාර
මට නිවැරදිව දුර යන්න


@අසම්මත/17/03/20/@

Monday, April 3, 2017

නුඔ අඳින සිතුවම් හදේ

No automatic alt text available.



















නුඔ අඳින සිතුවම් හදේ

මගේ සිත කවියට නැගේ

අසීරුව පින්සල දිගේ

ගලන වර්ණ තුල රැදේ

මතක අහුරක හැඩේ
 

තබමි නිසසල ලැමේ
 

ගැහෙන හදවත සැලේ
 

@අසම්මත16 /03/01/@

ටිකක් ඇසුරු කර ඈතට ගිය දුර

No automatic alt text available.






























ටිකක් ඇසුරු කර ඈතට ගිය දුර

හුගක් ලගට කර ආලය ම දොඩද්දී

වෙනත් අයකු හා තව ලං වෙද්දී

හිතට දැනෙන පිලිකුලක් කියන්නී

නුඔ මගේමැයි තම සන්තකයට ගත්තී
 

අහිමි වෙනුඇතයි සිත ලතවෙද්දී
 

නොකියාම තරහින් ඉවත බලන්නී
 

මායම් පා මිතු සෙනෙහෙ පුදන්නී
 

වංක සිතින් පිවිතුරුම කියන්නී
 

ආලය අන්ධයි ලොවම නොදන්නී
 

@අසම්මත/16/04/03/@

50 Nisansala Samanali, අහිංසක අහිංසා. and 48 ot

නුඔ ලියන ඒ පද ලතා

No automatic alt text available.






































නුඔ ලියන ඒ පද ලතා

මියුරු කර සත්සර ඔතා

වයමි සිනිදුව හද ඔබා

නැගෙන දුක්බර හඩ රටා

කදුළු පිස එන මෘදු කතා
 

ඇසිල්ලක තවරා කවි ලියා
 

විදිනවද එවන්නම් සදලතා
 

රැයක අවදිව සිත පුරා
 

නැගුන හැගුමන් නෙතු වසා
 

පන්හිදක තුඩ කවියක් වුනා
 

@අසම්මත/16/03/04/@

Saturday, April 1, 2017

පිවිතුරුය



No automatic alt text available.පිවිතුරුය

සුරතක සුරැකිව රැදුන

ඔබට පුදන මේ ආදරය

ඒ හදට

මා නමින් ගැහෙන
 

කොතැනක සිටින
 

නොහදුන තැනක
 

හමුවන හෙටක
 

හිරු එබිකම් කරන
 

සිතක එලි මවන
 

තිමිර සළු ඉරන
 

පිලිගන්න පිූය සබද

@අසම්මත/16/04/01/@




තනිවම නම් කොහෙත්ම

බැරිය මේ රුවල නංවන්න

ඔබත් එනවාද මේ දුර ගමන යන්න

ඇයි හිතන්නේ තවම

සැකයක්වදෝ ගිලෙයි අතර මග
 

දිවි පරදුවට ගෙන එනවනම් සබද
 

එකතුවී එතෙර වෙමු
 

අපේ අරුත් ඇති ලොවට
 

@අසම්මත16/03/30/@



දැහන්ගතවිමි හුදකලාවිමි

සයුරු අයිනක නිසංසල

මතක අහුරක රැදුන මතකෙම

එකක් ඇත නුඔත් එහි ඇත

දහස් වර හීනයක් වී එන
 

දකින දසුනක නිතරම පෙනේ
 

තදින් වියරුව කියමි කවියක
 

මගේ හද තනිවම සැලේ
 

නුඔ ගිහින් දුර ඈත තරුවක
 

දිලිසෙනා විට රැයේ
 

සැගවිලා නොකියා ම රහසින්
 

මා තනිකර දමා ඇයි ගියේ
 

@අසම්මත/16/04/01/@