සගවලා ලියපු වැකියක් ඇතී
දින පොතක කෙලවර වැසුනු තැන
පියෙන් පිය ලං වීමි මම
පියෙන් පිය ඈත් විනි නුඹ
ඇස් ගැටුනත් එය නුඹට
සගවා ගත් දෙයක් සමග
ඒ කවිය දිනපොතේ එතැනැමැ
සුරැකිව උඹ පපුව මැද හරියටමැ
ලක්ෂයක් තබා කැරැකි කැරැකී
වේදනා දෙන බව දන්නවා මම
කුමට සුරකිනවාද ඒ වැකිය තවම
පරණයි වසර කිහිපයක් ඒ දිනපොත
අළුත් කර හිතනවද ඒ වැකි ගැන...........
@අසම්මත/16/12/28/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.