ඔබ මා සිටිනා දෙනුවර
ආදර හිත් දෙක දෙඉව්රක
හමු නොවනා විට ඉදුවර
දෑස් තෙමනවද ඝණ කළුවර
හමුනොවනා බව ඉර සද සේ
ප්‍රේමය නම් ලතැවෙයි ලමැදේ
හිත් කෙමියක පිපි මල් වදුලේ
පෙති හැකිලි පරවී යයි සුළගේ
කෙදිනක නොදකින හදකට
ඒ ඔබයි මගෙයි පෙම් පුරානය
අදටත් හැගුමකි දෙහිතක
කව්රුත් දන්නැති ඉව්රක
විරහව මිහිරිය කියා යන්න
වදනින් කවියක ලියා දෙන්න
සමුදුන් හදවත හිත ලගට ගන්න
සද තරු මත සුසුමක් තියා යන්න
@අසම්මත/17/02/28/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.